Monday, September 23, 2024

ලසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත් සැරයන්වරයා 27දක්වා රිමාන්ඩ්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනය සිදුවී වසර හයකට පසු එහි ප්‍රථම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබේ. සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාජන් මේජර්වරයා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර දුන්නේය.

යුද්ධ හමුදා බුද්ධි අංශයේ සැරයන්වරයෙකු වූ එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාස හයකට වැඩි කාලයක් සිදුකරන ලද පරීක්ෂණවලදී එම ඝාතනය සම්බන්ධයෙන් මහජනතාවගේ සහය ඉල්ලා පසුගිය අවස්ථා කිහිපයකදීම කරන ලද ඉල්ලීම් හරහා ලැබුන තොරතුරුද සම්බන්ධ කරගනිමිනි.

මෙම සැකකාර යුද හමුදා බුද්ධිඅංශ සැරයන්වරයා අත්අඩංගුවට ගත් පසු ඔහුගෙන් එම ඝාතනය පිටුපස සිටින පුද්ගලයන් හෙළිකර ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ අවසරය ඉල්ලා තිබිණි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා පෙරේදා (16) 27දා දක්වා එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදී ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතා 2010 ජනවාරි 08 වෙනිදා අත්තිඩිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කු කරුවන් පිරිසක් විසින් ඔහු ගමන්කරමින් තිබූ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලකර එම ස්ථානයේදීම ඝාතනය කර තිබේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වසර පහක් තිස්සේ පරීක්ෂණ සිදුකළද ඇසින් දුටු හෝ තාක්ෂණික ක්‍රම ඔස්සේ හෝ කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පමණක් නොව ඒ සම්බන්ධව කිසිදු තොරතුරක්වත් හෙළිකර ගැනීමට අපොහොසත්ව තිබිනි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඒ වන විට සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වශයෙන් කටයුතු කළේය. ඔහු එවකට පැවැති රජයේ විවිධ ආයතනවල සිදුවෙමින් තිබූ බරපතළ මූල්‍ය වංචාවලට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කෙරෙන ප්‍රබල ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් එම පුවත්පත හරහා හෙළිකර තිබිනි.

තවත් ගනුදෙනු කිහිපයකම සිදුවූ වංචා හෙළිකිරීම සඳහා අදාළ ලිපිගොනු ඔහු අතට පත්වී එම ගනුදෙනුද පුවත්පත් වාර්තා මගින් හෙළිකිරීමට කටයුතු කරමින් සිටියදී ඔහුට විවිධ ආකාරයේ තර්ජන එල්ලවී තිබූ බවද එකල වාර්තා විය.

එම නිසා මෙම ඝාතනය පිටුපස යම්කිසි ප්‍රබල පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සිටින්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකයට භාජනය වී තිබිණි. මෙලෙස අභිරහසක්ව පැවති ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් යළි පරීක්ෂණ කිරීම 2016 වසර ආරම්භයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළි භාර කෙරිණි.

ඒ අනුව මෙම පරීක්ෂණ හරහා තොරතුරු එක්රැස් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඝාතන සැලසුම සම්බන්ධව තොරතුරු දන්නා පුද්ගලයෙක් වැලිකඩ බන්ධනාගාරයේ වෙනත් නඩුවකට සිර දඬුවම් විඳින බවට තොරතුරු හෙළිකර ගනු ලැබිනි.

මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සැලසුමට බන්ධනාගාරයේ සිටි පුද්ගලයන් සම්බන්ධ බවට යම් තොරතුරක් හෙළිකර තිබිනි. ඉන් පසුව මෙම පුද්ගලයා එම ප්‍රකාශය ලබාදී ටික දිනකින් සිරදඬුවම්වලින් නිදහස්ව ඉන් ඉවත්ව ගොස් තිබිනි. පසුව මොහු ස්වභාවික සිද්ධියකින් මියගොස් තිබූ බව වාර්තා විය.

අනතුරුව තවදුරටත් දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම ඝාතන සිද්ධියට සම්බන්ධයැයි සැකපිට ඉහත සඳහන් කළ හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගනුලැබිණි. මේ වන විට මොහුගෙන් දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරගෙන යයි

LASANTHA N SON

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles