Monday, September 23, 2024

ලසන්ත ඝාතන සැකකරු රියදුරු විසින් හඳුනා ගැනේ..

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයෙක් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුව අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇත එහිදී ලසන්තගේ රියදුරුට ඔහුව හඳුනාගැනීමට හැකි වී ඇත.

මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය ඉදිරියේ සිදුවිය. අනතුරුව ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අතුල එස්.රණගල මහතා පැවසුවේ ලසන්තගේ ඝාතනයෙන් පසු ඔහුගේ රියදුරුට තර්ජනය කළ බව
පැවසෙන අදාළ හමුදා බුද්ධි අංශ සාමාජිකයා රියදුරු විසින් හඳුනා ගැනීමට සමත්වූ බවය.
ඒ මහතා ‍වැඩිදුරටත් සදහන් කලේ මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂුණ කටයුතු අපරාධ පරීක්ෂුණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු එහි නිලධාරීන් උපරිම විනිවිදභාවයකින් එය සිදුකරන බව මේවන විට පැහැදිලි වී ඇති බවය.

නීතීඥ අතුල එස්.රණගල මහතා ප්‍රකාශ කලේ ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඒ අනූව මෝටර් රථය තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටුවෙකුගෙන්ද ලබන 03 වැනිදා සාක්ෂි කැඳවීමට නියෝග නිකුත් කල බවය.

ලබන 03 වැනිදා අධිකරණයට ඝාතනය වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු ඔහු පැළඳී හෙල්මටය ඉවත් කර ඒ දෙස බලන ආකාරය දැක ඇති ඇසින් දුටු සාක්ෂිඅකරුවෙකු ඉදිරිපත් කර මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා සාමාජිකයා එදින නැවත හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග සිදු කල බව ඔහු සදහන් කලේය.

එමෙන්ම ගම්පහ අධිකරණයේ විභාගවන නඩුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවද එ මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇති බවද රණගල මහතා පැවසීය.

ලසන්ත වික්‍රමතුංග මහතා පසුගිය පාලනය බරපතළ ලෙස විවේචනයට ලක් කළ මාධ්‍යවේදීයෙකු වූ අතර 2009 වසරේදි ජනවාරි 08 වනදා අත්තිඩිය ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනය කෙරෙණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles