ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ‘රිවිර’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට සහ එම මහත්මියට සිදුකළ මැර ප්‍රහාරයට මෙන්ම ‘ද නේෂන්’පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ කීත් නොයෙර් මහතාට එල්ල කළ මැර ප්‍රහාරයට ද සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇත.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන යන පරීක්ෂණවල දී මේ පිළිබඳ අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධ තවත් අපරාධ ඇත්දැයි සොයා බැලීම කෙරෙහි ද විමර්ශන කණ්ඩායම වැඩිදුර අවධානය යොමු කර ඇත.
මේ අතර පසුගිය සමයේ සිදු වූ අනාවරණය නොවූ ඝාතන, පැහැරගැනීම් සහ පහරදීම් ඉතා සූක්ෂ්ම අයුරින් සැලසුම් කර ඇති බවත් ඔත්තු බැලීමට, හඹා යාමට සහ පහර දීමට විවිධ කණ්ඩායම් යොදාගෙන තිබීම සහ ඔවුන් අතර අන්තර් සබඳතා ඇතිවීම වළක්වා තිබීම හේතුවෙන් පරීක්ෂණ කටයුතු ඉතා දුෂ්කර වී ඇති බවත් විමර්ශන කණ්ඩායම් සඳහන් කරන බව ද වාර්තා වේ.
ලසන්ත ඝාතනය සඳහා ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම මේ වන විටත් හඳුනාගෙන තිබීම නිසා මෙම ප්‍රහාර වෙනුවෙන් නියෝග නිකුත් කළ පිරිස් කඩිනමින් හෙළිදරව් වනු ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේවුවද, මෙම ඝාතනයට අදාළ සැකකරුවන් පිලිබඳ තොරතුරු යුධ හමුදාව විසින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා නොදීම නිසා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. mirror