Saturday, September 21, 2024

ලාංකිකයින් සමග නැවක් UAE අත්අඩංගුවේ

ශ්‍රී ලාංකික නැවියන් 08 දෙනෙකු සමග නෞකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් අරාබි එමීර්හි ෆුජේරා සමුද්‍ර ආරක්ෂක බලකාය අල් කලිතියා නමැති එම නෞකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීති විරෝධී කටයුතුවල නිරත වී ඇති බවට 3 වන පාර්ශවයක් මගින් නඩු පැවරීම හේතුවෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රදේශ 7කින් නිර්මාණය වී ඇති අතර ෆුජේරා යනු එහි එක් ප්‍රදේශයකි.

මේ වන විට අල් කලීතියා නමැති එම නෞකාව ෆු‍ජේරා ආශ්‍රිත මුහුදේ නැංගුරම් ලා තිබේ.

කෙසේ වෙතත් එම නෞකාව අයත් රට හෝ එය කුමන ගමනාන්තයක් දක්වා යාත්‍රා කරමින් සිටියේ ද යන්න සහ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි තිබූ භාණ්ඩ පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරාල් චරිත යත්තෝගොඩ මහතාගෙන් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ය.

සන්නිවේදන කටයුතු දුර්වල වීම හේතුවෙන් අදාළ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කර ගැනීමේ ගැටලු පවතින බව ත් ඔහු සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles