ලාන්සා පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍යාංශයෙන් ඉවත් වෙන්න කියයි. ඉල්ලා අස්වීම ගැන වාර්තා නෑ

0
372

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍යාංශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඔහු කාර්යය මණ්ඩලයටද දැනුම් දී ඇත්තේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන රජයේ භාණ්ඩ ආපසු බාර දෙන ලෙසයි.

කෙසේ නමුත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව මෙතෙක් නිල වශයෙන් වාර්තා නොවේ.

අමාත්‍යංශයේ ඇතැම් කාරණා සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය අමාත්‍යවරයා කලක් තිස්සේ නොසතුටින් පසු වූ බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here