ලාබාලතම නගරාධිපතිනියට ඇමති නාමල්ගෙන් සුබ පැතුම්

0
784

ඉන්දියාවේ ලාබාලතම නගරාධිපතිනිය ලෙස කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරැවානන්දපුරමි නගර සභාවේ නගරාධිපතිධුරයට පත්  විසිඑක් හැවිරිදි ආර්යා රාජේන්ද්‍රන් හට යෞවන හා තරැණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.

සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඇගේ මෙම ජයග්‍රහණය තරැණයන්ට සහ කාන්තාවන්ගේ අනාගතය දිරිගැන්වීම වෙනුවෙන් වන වැදගත් පියවරක් වන බවයි.

විසි එක් හැවිරිදි ආර්යා රාජේන්ද්‍රන් තිරැවානන්දපුරමි හි සියලු ශාන්තුවරයන්ගේ විද්‍යාලයේ ගණිත අංශයෙන් විද්‍යාවෙිදී උපාධිය හදාරන ශිෂ්‍යාවක්.

පසුගියදා පැවති කේරල පළාත් පාලන මැතිවරණයේදී ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින්  මුදවන්මුගල් කොට්ඨාසයට තරග වැදුණු ඇය ඉන්දීය කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ සිය ප්‍රතිවාදියා පරාජය කර තිබුණේ ඡන්ද පන්සිය හතලිස් නවයකින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here