Wednesday, January 15, 2025

ලාභ පෙන්නූ මිල්කො සභාපති පන්නා පොහොට්ටුවේ පාලක ලේකම් සභාපති මිල්කො සභාපති පුටුවට පත් කරයි

මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර ඇති බව වාර්තා වේ.  ඔහු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතින් අද පස්වරුවේ සිය පත්වීම් ලිපිය ලබාගනු ලැබීය.

මිල්කෝ සමාගමේ සභාපති ධුරයෙන් තමා ඉවත් කර ඇති බව ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රවෘත්‍ති සාකච්ඡාවක් කැඳවමින් පසුගියදා සඳහන් කළ අතර සභාපති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව තමා දැනුවත් වී නොමැති බවත් නව සභාපතිවරයෙකු වැඩ භාරගන්නා තුරු තමන් ධුරයේ කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. දියර කිරි ලීටරයක් සඳහා ගෙවන මුදල රුපියල් 5කින් ඉහළ දමන බව ඔහු අද ප්‍රකාශ කළේ මෙවන් පසුබිමක් තුළය.

මේ අතර, ලසන්ත වික්‍රමසිංහ මහතා මිල්කෝ සභාපති ධුරයෙන් ඉවත් නොකරන ලෙසට ඉල්ලමින් මිල්කෝ සමාජ ආරක්ෂක අරමුදලේ අධ්‍යක්ෂවරුන් පිරිසක් පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා හමුවී දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

එහිදී අමාත්‍යවරයා දියර කිරි ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ගත් තීරණය පිළිබඳවද මෙසේ අදහස් පළකර ඇත. ඔහු සඳහන් කළේ දියර කිරි මිල වැඩිකිරීම සම්බන්ධව සභාපතිවරයාට තීරණයක් ගත නොහැකි බවයි. මිල්කෝ සමාගම දියර කිරි ලීටරයකට ගෙවෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇත්තේ ලසන්ත වික්‍රමසිංහ මහතා එහි සභාපති ධුරයෙන් ඉවත්කළ බවට වාර්තාවන පසුබිමක වීමත් විශේෂත්වයකි.

යහපාලන ආණ්ඩුව සමයේ අවසාන වසර තුනෙහි මිල්කො ආයතනය රු. මිලියන 2000කට අධික පාඩුවක් ලැබූ අතර එය ලාභ ලබන ආයතනයක් බවට පත්කළේ වර්තමාන මිල්කො සභාපති ලසන්ත වික්‍රමසිංහ යටතේ ය. 2020 සහ 2021 දෙවසර තුළ මිල්කෝ ආයතනය රු. මිලියන 800 ඉක්මවා ලාභ ලැබූ අතර 2015 වසරට පසු කිරි ගොවීන් සඳහා ගෙවන මිල ද 30%කින් ඉහළ දැමීමට කටයුතු කෙරිණි.

ලිට්‍රො සමාගමේ සභාපති ධූරය සඳහා ද පසුගියදා පැය කිහිපයකට පත් කළ රේණුක පෙරේරා, මිල්කො සමාගමේ සභාපති ධූරය සඳහා පත් කිරීමට සූදානම් වන්නේ එම සමාගම ලාභ ලබමින් කිරි ගොවින්ට ද ඉහළ මිලක් ගෙවමින් ඉතා ම හොඳින් පාලනය වන පසුබිමකය.

මේ අතර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණු රේණුක පෙරේරා අද සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles