Monday, January 27, 2025

ලාස්වේගාස් ප්‍රහාරයේ වගකීම IS භාරගනි

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වේ.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ස්වර්ණා ගුණරත්න මහත්මිය සඳහන් කළේ අදාල ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් තොරතුරු ලබාගනිමින් සිටින බවයි.

මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා රැදී සිටි බව කියන “මැන්ඩලේ බේ” හෝටලය තුළ එම අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු සේවය කර ඇති අතර ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව ස්වර්ණා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

අමෙරිකාවේ ලාස්වේගාස් නුවර සංගීත ප්‍රසංගයකට ඔක්තෝබර් පළමු වන දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තවත් 527 දෙනෙකු තුවාල ලැබීය.

ලාස්වේගාස් හි “මැන්ඩෙලා බේ” හෝටලයේ 32 වන මහලේ සිට 64 හැවිරිදි ස්ටෙෆන් ෆැඩොක් නැමැති පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව එරට පොලීසිය පෙන්වා දුන්නේය. 

ඔහු විසින් වෙඩි ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ.

පසුව තුවක්කුකරු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා විය.

ඔහුගේ කාමරය තුළ තිබී ගිනි අවි 10ක් එරට පොලීසිය විසින් සෙයාගෙන ඇත.

මේ අතර මෙම ප්‍රහාරයේ වගකීම තම සංවිධානය භාරගන්නා බවට අයි.එස් සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මධ්‍ය  වාර්තා කළේය.
ස්ටෙෆන් ෆැඩොක්
ප්‍රහාරකයා මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් දහම වැලඳගෙන ඇති බවද එම නිවේදනයේ සදහන් වෙයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ අදාළ ප්‍රහාරය අයි.එස් සංවිධානය විසින් සිදුකළ බවට සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles