ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක් !

0
844

දැනට භාවිත කරන ලද එහෙත් සම්පූර්ණයෙන් අවසන් නොවූ කොළ පැහැති මුද්‍රාව ඉවත් කළ ගෑස් සිලින්ඩර බෙදාහැරීම් නියෝජිත ස්ථාන වෙත නැවත භාරගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

එහිදී සිලින්ඩරය කිරා මැනබලා ඉතිරිව ඇති ගෑස් ප්‍රමාණය වෙනුවෙන් නැවත මුදල් ගෙවීමක් සිදුකරන බවද ලාෆ්ස් සමාගම පවසයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයත් සමග වෙළෙඳපොළට මුදාහැර තිබූ භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසට අභියාචනාධිකරණය ඉකුත් දෙසැම්බර් 17 වැනිදා ගෑස් සමාගම් වලට නියෝගයක්ද නිකුත් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙස ද අභියාචනාධිකරණය ගෑස් සමාගම් දෙකට නියෝගයක්ද ලබාදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here