ලිට්රෝ සමාගම බංකොලොත්.. ගෑස් නැති නිසා සතියකට වසයි…

0
919

ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අවසන්වීම හේතුවෙන් ඊයෙ දින සිට මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් නොමැති වීමයි.

ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුවද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් මේ වන විට ලිට්රෝ සමාගම බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බව වාර්තා විය.

අද දිනයේද දිවයිනේ ස්ථාන රැසක ගෑස් පෝලිම් දක්නට ලැබුණු අතර ඒවාට පොලිස් ආරක්ෂාව පවා යොදවා තිබුණා.

සිංහල-දෙමළ අවුරුද්ද ආසන්නයේ මෑත ඉතිහාසය තුළ මෙවැනි තත්ත්වයක් වාර්තා වී නොතිබීම විශේෂත්වයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here