ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

0
598

රටේ දෛනික ගෑස් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ලිට්රෝ සමාගම පවසනවා.

මේ වන විටත් දෛනික අවශ්‍යතාවය සඳහා ගෑස් නෞකා දෙකක් පිරවුම් සංකීර්ණයට පැමිණ ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ සමාගම පවසයි.

තම සමාගම වෙළෙඳපොළ අවශ්‍යතාවෙන් සියයට 80 ක ගෑස් සපයන බවත් ඒවා පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතිය හා අධීක්ෂණයට යටත්ව නිෂ්පාදනය කරන බවත් ලිට්රෝ සමාගම පවසයි.

මින් පෙර වෙළඳපොළට නිකුත් කළ නිල් හා කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර වෙළඳපොළෙන් නැවත ඉවත් කර ගැනීමට තාක්ෂණික උපායන් ක්‍රියාත්මක කරන බව ද එම සමාගම පවසයි.

ඉදිරියේදී ප්‍රමාදයකින් තොරව ගෑස් ලබා දීමට තම සමාගමට හැකියාව පවතින බව ලිට්රෝ සමාගම පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here