Monday, October 7, 2024

ලිට්‍රො සමාගමින් ගෑස් මෙට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක්

මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් සෙනසුරාදා (01) වරායට සේන්දු වූ අතර (05) අඟහරුවාද තවත් මෙට්‍රික් ටොන් 3600 ක නැවක් වරායට පැමිණෙනු ඇත.

ලබන සෙනසුරාදා ද තවත් මේට්‍රික් ටොන් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිතයි.

හදිසි මිලදී ගැනීම් යටතේ සාමන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඇණවුම් කරන ලද ගැස් ද මෙට්‍රික් ටොන් 6000 බැගින් ලබන සතිය තුළ දිවයිනට ලඟාවනු ඇත.

ඒ අනුව පෞද්ගලිකගෑස් ආනයන සමාගමක පැවති අඩු සැපයුම් නිසා ඇතිවූ ගෑස් හිඟය මෙම සතිය තුළ අවසන්වනු ඇති බැවින් මේ පිළිබඳව අනවශ්‍ය කලබලයට පත් නොවන්නැයි රජය  පාරිභෝගික ජනතාවට දැනුම් දෙයි.

මෙම ගෑස් හිඟය අවස්ථාවක් කරගෙන ගෑස් සඟවාගෙන හා වැඩිමිලට අලෙවි කළ අලෙවි නියෝජිත වෙළඳ සැල් 40 ක් පමණ පාරිභෝගික අධිකාරිය විසින් වැටලිම් කර ඇත.

ඉදිරි දිනවලදී මෙමවැටලීම් දැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර එම කූට වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles