ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකම ගෑස් සැපයුම තව දුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඊයේ (03) පස්වරුවේ කළ විමසුමකදී පැවසීය.
ලිට්රෝ ගෑස් සමාගමේ රටපුරා ප්‍රධාන අළෙවි නියෝජිතයන් 42 ක සහ 14,000 ක් වන සෙසු අළෙවි නියෝජිතයන් අඛණ්ඩව සැපයුම් කරන බව කී ලිට්රෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා අළෙවි නියෝජිතයන් සතුව ඇති ගෑස් සහිත සිලින්ඩර් නැවත එකතු කිරීමක් මේ දක්වා සිදුවෙන බව ද සඳහන් කළේය.