Sunday, November 17, 2024

ලිත් නඩුව ගැන නීතිපතිවරයා කළ දැනුම්දීම

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යනවා ද? නැද්ද? යන තීරණය ලබන 11 වනදා දැනුම් දෙන බව නීතිපතිවරයා අද (05) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුව අද කොළඹ මහාධිකරණය දමිත් තොටවත්ත මහතා ඉදිරියේ විභාගයට ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා එම දැනුම් දීම සිදුකළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles