ලීසිං ගෙවීම අතපසු වූ වාහනහිමියන්ට සහනයක්

0
352

සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම මහ බැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, ඊළඟ මාස 6 තුළ දී “පරාටේ ගිවිසුම” හරහා දේපළ පවරා ගැනීම නොකර සිටින්න ලෙස සියලු බැංකුවලට දැනුම් දුන් බවය.

ණය වාරික නොගෙවීම මත තම ගණුදෙනුකරුවන්ගේ වාහන හා දේපල පවරා ගැනිමෙන් වළකින ලෙස මහ බැංකුව සියලුම බැංකුවලට හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදි තිබෙනවා.

මේ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැරණි ණය සහ ණය පොළිය සදහා සහනයක් ලබාදීම සඳහා මහ බැංකුවෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙනකර ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here