Sunday, September 22, 2024

ලී ක්වාන් යූ මළා. මහතීර් මොහොමඩ් ගෙදර ගියා

‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග පැවැති සංවාදයක දී මාධ්‍යවේදී සිරිමන්ත රත්නසේකර මහතා හිටපු අමාත්‍ය වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් ට මොකද උනේ යනුවෙනි.

එදා ගෝඨාභය රාජපක්ෂ ලී ක්වාන් යූ ලෙසත්, මහින්ද රාජපක්ෂ ලෙසත් හඳුන්වමින් ඒ දෙදෙනා එක්ව ගොඩ නැගීමට යන රට මොන ආකාරයේ දියුණු රටක් ද යන්න දේශපාලන වේදිකාවේ දී වීරවංශ මහතා හඬ ගා කියන අයුරු පෙන්වමිනි.

“සිංගප්පූරුවට හිටියෙ ලී ක්වාන් යූ විතරයි. මැලේෂියාවට හිටියෙ මහතීර් මොහොමඩ් විතරයි. අපිට දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලී ක්වාන් යූ වගේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මහතීර් මොහොමඩ් වගේ. මහතීර් මොහොමඩුයි ලී ක්වාන් යූ යි දෙකම එකට එකතු වුණාම හදන්න පුළුවන් මොනවගේ රටක් ද..? දියුණුවෙන් දියුණුවට පත්වන රටක්..”

ඊට විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

“ලී ක්වාන් යූ මළා.. මහතීර් මොහොමඩ් ගෙදර ගියා..!”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“ලි ක්වාන් යු මළා… මහතීර් මොහොමඩ් ගෙදර ගියා. එදා එහෙම කියපු නිසා තමයි එහෙම නොවෙන නිසා සටන් කරන්නේ. එදා එහෙම කියපු එකේ වගකීම තියෙන නිසා. එහෙම නැත්නම් ෂෝක් කියලා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පුළුවන්. එදා කියපු එකේ වගකීම තියෙන නිසයි ඇතුලේ බැරිනම් එලියට බැහැල සටන් කරන්නේ. තනතුරට ඕන දෙයක් වෙච්චාවේ කියලා කියන්නේ”

ආණ්ඩුවේ සියලු ගැටලුවලට හේතුව, පසුබෑම්වලට හේතුව ජනතාව බලාපොරොත්තු වූ ලී ක්වාන් යූ සහ මහතීර් මොහමඩ් නිෂ්ක්‍රීය වීම බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එදා එම ප්‍රකාශය සිදුකළ තමා, එම ප්‍රකාශය යථාර්ථයක් කිරීම සඳහා ආණ්ඩුව තුළ සිටිමින් දැඩි සටනක් සිදුකළ බව පෙන්වා දෙන විමල් වීරවංශ මහතා පවසන්නේ අවසානයේදී එම සටනෙහි ප්‍රතිඵලයක් නිසා ආණ්ඩුවෙන් එළියට වැටීමට සිදු වූ බවයි. දැන් එළියේ සිට හෝ සටන් කිරීමට සූදානම් බවද ඔහු පවසනවා.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සූදානම් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දේශපාලනික වශයෙන් අක්‍රීයව සිටින නිස එය උපයෝගී කර ගනිමින් රාජ්‍ය පාලනය ඔහුගේ අතට ගැනීමට බවයි වීරවංශ මහතා සඳහන් කළේ.


MCC ගිවිසුම සඳහා නැවත පොළඹවා ගැනීමට ඇමරිකානු නියෝජිතයෙක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු එහිදී අනාවරණය කළා.


රටේ අර්බුද වැඩි වන විට ජනතාවට මෙම ගිවිසුම් ගැන  තිබෙන අවදානය නැතිවී යන බවත් එය උපයෝගී කර ගනිමින් ඉන්දු ඇමෙරිකා අවශ්‍යතා ඉටු කිරීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

වත්මන් ආණ්ඩුවේ තිබෙන බරපතලම ගැටලුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අක්‍රිය වීම බවත්, මේ නිසා ජනතාව බලාපොරොත්තු නොවූ පුද්ගලයන් ආණ්ඩුව තුළට රිංගා ඉන්දියාවට හා ඇමරිකාවට අවශ්‍ය පරිදි රට ගෙනයන බවත් වීරවංශ මහතා සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles