Friday, January 24, 2025

ලේක්හවුස් සභාපතිත් ගෙදර යැවීමට නියමිතයි!

රජයට අයත් ලේක්හවුස් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ ඩී. දයාරත්න ද එම තනතුරෙන් ඉවත් කර ලලිත් පියුම් පෙරේරා පත් කිරීමේ සුදානමක් තිබෙන බව අනාවරණය වේ.

මේ වනවිට රජයට අයත් අනෙකුත් මාධ්‍ය ආයතන 3හිම සභාපතිවරුන් ඉවත් කර අලුත් සභාපතිවරු පත් කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ම පත්කළ පුද්ගලයින් ඉවත් කර අලුතින් අය පත්කිරීම විශේෂත්වයක් වී තිබේ.

මුලින් ම, ගුවන් විදුලි සංස්ථාවට ජනාධිපතිවරයා විසින් පත්කර සිටි ජනප්‍රිය ගායක ජගත් වික්‍රමසිංහ ඉවත් කරනු ලැබීය.

ඉන් පසුව ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති ලෙස පත්කර සිටි සුදත් රෝහණ එම තනතුරෙන් ඉවත් කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කරනු ලැබීය.

අවසාන වශයෙන් ඊයේ (06) ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත්කර සිටි රෙජිනෝල්ඩ් කුරේ ඉවත් කර සොනාල ගුණවර්ධන පත්කර සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles