ලොක්ඩවුන් නීති කඩා නීති විරෝධී සාද දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිට ප්‍රශ්නාවලියක්

0
505

ලොක්ඩවුන් පැවති සමයේ නීති විරෝධී සාද පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට ප්‍රශ්නාවලියක් යොමු කර තිබෙනවා.

ඒ සිදුකරන විමර්ශනයට අදාළ කරුණු කිහිපයක් පැහැදිලි කර ගැනීම සඳහායි.

අග්‍රාමාත්‍යවරයා දන්වා ඇත්තේ හැකි ඉක්මණින් තමන් මීට ප්‍රතිචාර දක්වන බවයි.

බොරිස් ජොන්සන් ට අමතරව ඔහුගේ බිරිඳ තවත් පුද්ගලයන් 50 දෙනෙකුට පමණ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් මෙලෙස ප්‍රශ්නාවලියක් යොමුකර ඇති බව සඳහන්.

ඔවුන් සියලු දෙනා දින 07 ක් ඇතුළත මීට ප්‍රතිචාර දැක්විය යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here