Friday, December 27, 2024

ලොකුගේ ඉන්ධන – ගෑස් පෝලිම් නැතිකරන්න නං තව මාස 7ක් කල් ඉල්ලයි

රට තුල මේ වනවිට පවතින ඉන්ධන සහ ගෑස් හිඟය නිසා ඇතිවී තිබෙන පෝලිම් ක්‍රමය මගහරවා ගැනීමට අවම වශයෙන් තවත් මාස හතක කාලයක් අවශ්‍ය වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ලෝක වෙළෙඳපොළේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට රජයට නොහැකි බවත් ලෝක වෙළෙඳපොළ ආර්ථිකය කඩාවැටීමත් සමඟ රටට ඩොලර් ගෙන ඒමට නොහැකි වී ඇති බවත් හෙතෙම පැවසීය.

එබැවින් සංචාරක ක්ෂේත්‍රය සහ අපනයනය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිතුමා උත්සාහ කරමින් සිටින බවද ඔහු පැවසීය.

නමුත් ඉන්ධන පෝලිම අද එනම් මාර්තු මාසයේ දාහතරවන සදුදායින් අවසන් වනු ඇතැයි, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පසුගිය 09 වනදා ප‍්‍රකාශ කර සිටියේ ය.

ඒ නමුත්, අමාත්‍යවරයා මෙලෙස ඊයේ දිනයේ දී ප‍්‍රකාශ කර තිබෙන්නේ, ඉන්ධන හා ගෑස් පෝලිම තවත් මාස හතක්වත් පවතිනු ඇති බවයි.

ලෝක වෙළද පොලේ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට රජයට නොහැකි වී ඇති බව පවසා තිබෙන අමාත්‍යවරයා, දැනට පවතින ගැටළු මගහරවා ගැනීමට අවම වශයෙන් මාස හතක කාලයක්වත් ගතවනු ඇති බවද පවසා තිබේ.

අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය, ඬේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles