Monday, January 13, 2025

ලොවක් හඬවා රයන් අවසන් ගමන් යයි

දින 04කට වැඩි කාලයක් මොරොක්කෝවේ ටැමරෝ නගරයේ අඩි 100ක් පමණ ගැඹුරැති ළිඳක සිරවී සිටි රයන් නැමැති පස් හැවිරිදි දරුවා මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම දරුවා මෙසේ ළිඳට ඇදවැටී තිබුණේ පසුගිය (1) අඟහරුවාදා සවස් භාගයෙයි.

ඔහු බේරා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණඩායම් ක්‍රියාත්මක වූ අතර පටු ළිඳට සමාන්තරව පසුකඳු ඉවත් කර පසුව දරුවා වැටී සිටි ළිඳ දක්වා කැණීම් සිදු කෙරුණි.

රයන්ගේ ගලවා ගැනීම සඳහා කැණීම් යන්ත්‍ර පහක් යොදවා ඇති අතර ඔහු සිර වී සිටින ස්ථානය තෙක් එම යන්ත්‍ර මගින් උමගක් කපා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. ඔහු සිරවී සිටින ළිඳට සෘජුව ම ගමන් කිරීමට නොහැකිව ඇත්තේ, එහි විශ්කම්භය සෙන්ටිමීටර 45ක් පමණ කුඩා වන බැවින් ය.

ඒ සඳහා දින කිහිපයක් ගත වූ අතර අද අලුයම දරුවා මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුවත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වේ.

සහන සේවකයන් විසින් රයන් බේරා ගැනීම සදහා දින හතරක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දරා කුහරයේ සිරවී සිටි රයන් එයින් එළියට ගන්නා විටත් රයන්ගේ සෞඛ්‍යය තත්වය යහපත් තත්වයක නොතිබු බව වාර්තා වෙි.

දරුවා මුදා ගැනීමේ මෙහෙයුම සිදුකරන ආකාරය දැක ගැනීමට විශාල පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණ තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානය ද ඊ⁣ට යොමු විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles