Sunday, September 22, 2024

ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ළගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…

කොරෝනා වෛරසය පැතිර යාම පහල යමින් ඇති බව ඇමරිකානු පර්යේෂකයන් විසින් පිරිසක් සදහන් කර ඇත.

කොරෝනා එන්නත ලබාගැනීමෙන් හෝ වෛරසය ආසාදනය වීමෙන් ගොඩනැගෙන ප‍්‍රතිදේහ හේතුවෙන් වසංගතය පැතිරීම අඩු ව ගොස් ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත.

ඇමරිකාවේ කොරෝනා දත්ත පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම වාර්තාවෙන් පවසන්නේ ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට වසංගතය ආරම්භ අවධියේ මෙන් පහල මට්ටමක ඇමරිකාව ළඟාවනු ඇති බවයි.

ඒ වන විට ඇමරිකාවේ දෛනික ආසාදිතයන් ගණන 9000ක් හා දෛනික මරණ ගණන 100ට අඩු අගයක් ගනු ඇතැයි ද පර්යේෂකයන් පවසයි.

ඒ අනුව කොරෝනා වසංගතයේ දරුණුතම අවධිය ලබන වසර වන විට පහව යනු ඇතැයි ද පර්යේෂකයන් පෙන්වාදෙයි.

සීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් ඇති නව ප්‍රභේදයක් බිහි වීමේ අවදානම ඉතා අවම බවද පර්යේෂකයන්ගේ අදහසයි.

Lanka C News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles