amou haji කියන නම කෙනෙකුට නුහුරු වුවත් ඔහුගේ පෙනුම දුටු ගමන්ම ආ මේ අහවලා නේද කියලා මතකයට එන පිරිසකුත් ඉන්නවා. ඔහුගේ වයස අවුරුදු 80යි. ලෝකේ ඉන්න අපිරිසිදුම පුද්ගලයා ඔහු කිව්වොත් හරි. ඉරාන ජාතිකයෙක් වූ මොහු අවුරුදු 64ක් නාලා නැහැ කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගියදා ඔහු නාලා පිරිසිදු වුනා කියලත් කියනවා. නමුත් වතුරට බය නිසා අවුරුදු 64ක් නාන්නේ නැතිව හිටපු amou haji නාලා පිරිසිදු වෙයි කියලා හිතන්න බැහැ. වතුර හිසට වැටෙනකොට ඔහුට දැඩි හිසේ වේදනාවක් එන නිසා ඔහු නාන්නේ නැතුව පිරිසිදු නොවී ඉන්නවා කියලයි කියන්නේ. කොහොම නමුත් ඔහු මලකඩ කෑ කෝප්ප ටින් වලින් දිනකට වතුර ලීටර 5ක් බොනවා කියලත් කියනවා.
ඒවා අපිරිසිදු වතුර කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඔහුගේ ප්‍රියතම ආහාර සතුන්ගේ මළකඳන් ආහාරයට ගැනීම. ඒ වගේම සතුන්ගේ මල ද්‍රව්‍ය වේලා දුම් පානය කිරීමත් ඔහුගේ සතුටේ කොටසක් කියලයි කියන්නේ. හොඳ වර්ගයේ සිගරට් ලැබුනොත් ඔහු එකවර පහ හයක් භාවිතා කරනවා කියලත් කියනවා.
අපිරිසිදු ජිවිතයක් ගත කරන මොහුට නිවසක් නැහැ. නිවසක් හදලා දුන්නත් ඔහු එහි ජිවත් වෙන්න කැමති වෙලා නැහැ. නමුත් ඔහු සතුටින් ජිවත් වෙනවා කියලයි කියන්නේ. මේ වගේ තත්වයකට වැටෙන්න ඔහුගේ හිටපු පෙම්වතියක් හේතු වෙන්න ඇති කියලත් කියනවා.
Gagana.lk වෙබි අඩවියෙන්






