Thursday, September 19, 2024

ලොව ජනප්‍රියතම නායකයින් අතරින් අංක 1 මෝදිට

ලොව ජනප්‍රියතම නායකයින් අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රමුඛස්ථානය හිමිව තිබෙනවා.

ඇමෙරිකාවේ මෝනින් කන්සල්ට් දේශපාලන ඒකකය ලෝක නායකයින්ගේ ජනප්‍රියත්වය ඇගයීමට ලක් කරමින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව තිබෙනවා.

මෙම සමික්ෂණයට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 71% ක ජනප්‍රියත්වයක් ලබා ගනිමින් ලොව ජනප්‍රිය නායකයින් අතර ප්‍රමුඛස්ථාන හිමිකර ගෙන සිටින අතර ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි. ඔහු සියයට 43 ක ජනප්‍රියත්වයක් හිමිකර ගෙන තිබෙනවා. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට ද හිමිව ඇත්තේ ඊට සමාන ප්‍රතිශතයක්. ඔ්ස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට සියයට 41 ක ජනප්‍රියත්වයක් හිමිව තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පසු සියයට 66 ක වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගෙන ඇත්තේ මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රස් මැනුවෙල් ලෝපේස් වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles