ලොව බිහිසුණුම කැනේඩියානු ස්නයිපර් වෙඩික්කරුවෙක් යුක්රේනයට

0
557

ලොව බිහිසුණුම ස්නයිපර් වෙඩික්කරුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන කැනේඩියානු හමුදාවේ හිටපු වෙඩික්කරුවෙකු රුසියානු ආක්‍රමණයෙන් යුක්රේන ආරක්ෂා කර ගැනීමට යුක්රේනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන Nicknamed Wali ලෙස හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්රේන සටනට එක්වී සිටින බව වාර්තා වේ.

ඔහු 40 හැවිරිදි වියේ පසුවන බවත් ඇෆ්ගනිස්ථානයේදී සටන් අතරතුර සේවය කරමින් සිටියදී සැතපුම් දෙකක් (කිලෝමීටර් 3.2) දුරින් සිටි සතුරු සටන්කරුවන් මරා දැමූ බවද වාර්තා වනවා.

මෙම කැනේඩියානු ජාතිකයා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව කුර්දි සටන්කරුවන් සමග එක්ව සටන් කළ බව සඳහන්ය.

ඔහු තවත් හිටපු කැනේඩියානු සෙබළුන් තිදෙනෙකු සමග යුක්රේනයේ සිටින බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here