Tuesday, September 24, 2024

ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට

ලොව විශාලතම බහලු නෞකා ගණයට අයත්වන Ever Ace බහලු නෞකාව කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) වෙත ප්‍රථම වරට පැමිණීම පෙරේදා (05)සිදු විය. එවර් ග්‍රීන් නැව් සේවාවට අයත් බහලු 24,000ක ධාරිතාවයකින් සමන්විත ප්‍රථම නෞකාව ලෙස Ever Ace සැලකේ. ‘A’ පන්තියට අයත් මෙම නෞකාව දිග මීටර් 400 කි. 

පළල මීටර් 61.5 ක් වන අතර, මීටර් 14.5ක උසකින් යුක්තය.  නෞකාවේ පූර්ණ ධාරිතාවත් සමග පැයට නාවික සැතපුම් 22.6 ක වේගයෙන් යාත්‍රා කිරීමට සමත් මෙම නෞකාව ලොව විශාලතම බහලු නෞකාවකි. නෞකා සේවයේ ආසියා යුරෝපා වෙළඳ කටයුතු සඳහා CEM සේවාව යටතේ ඉකුත් ජූලි 28 වන දින දියත් කෙරුණු නෞකාව සිය මංගල ගමන් වාරයේ දී Ever Ace කිංග්ඩාවෝ, ෂැංහයි, නිංග්බෝ, තායිපේ, සැන්ඩියන්, රොටර්ඩෑම්, හැම්බර්ග් සහ ෆීලික්ස්ටෝව් යන වරායයන් වෙත යාත්‍රා කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles