ලොව විශාලතම මැණික් ගල් පොකුර ඩුබායි රාජ්‍යයට

0
354

රත්නපුර කහවත්තෙන් හමුවූ ලොව විශාලතම මැණික් ගල් පොකුරක් පිළිබඳ පුවතක් අප පසුගිය ජුලි 28 වනදා වාර්තා කරනු ලැබුවා.

ඒ, කිලෝග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ විශාල මැණික් ගල් පොකුරක් පිළිබඳවයි.

එය මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමග එහි වටිනාකම සම්බන්ධයෙන් මැණික් ක්ෂේත්‍රයේ විශේඥයින් විවිධ අදහස් පළ කරනු ලැබුවා.

ඒ අතර ඇතැමුන් සඳහන් කළේ එය එතරම් වටිනාකමක් නොමැති බවයි.

මෙවන් පසුබිමක් තුළ මෙම මැණික් පොකුර ඊයේ (28) කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.

ඒ, ඩුබායි වෙත රැගෙනයෑම සඳහායි.

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනයක් සඳහා මෙම මැණික් පොකුර ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here