රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මන්නාරම මහාධිකරණයේ නඩවුක් ගොනු කිරීමට නීතිඥවරුන් කණ්ඩායමක් පියවර ගෙන තිබෙනවා. ඒ, රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාස කළ බව පවසමිනි.
පසුගිය මස අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරයේ කටයුතුවලට බාධා සිදුවන පරිදි හැසිරුණු බවටත්, එම බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන රැඳවියන් පිරිසක් දණ ගස්වා හිසට පිස්තෝල තබා මරණ තර්ජන සිදුකළ බවටත් චෝදනා එල්ල වී තිබෙනවා. ඇමතිවරයාගේ මෙම ක්‍රියාව අධිකරණයට සිදුකළ අපහාසයක් බවයි නීතිඥ කණ්ඩායම පවසන්නේ.
මීට පෙර මෙවැනිම ආකාරයේ නඩුවක් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව වව්නියාව අධිකරණය හමුවේද ගොනුකර තිබිණි. මීට අමතරව බන්ධනාගාර සිදුවීමට මැදි වූ රැඳවියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර තිබේ.