ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි..!

0
457

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

පසුගිය දිනවල සිදුවූ පිළිකුල්සහගත සිදුවීම් සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඍජුව සම්බන්ධ බව මාධ්‍ය වාර්තා පළ විය. එමෙන්ම ඒ පිළිබඳ එක්සත්ජාතීන්ගේ සංවිධානය පවා අවධානයෙන් පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here