ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 6 වැනි තැනට

0
364

හෑන්ක්ස් උද්ධමන වාර්තාව අනුව මාර්තු 22 වන විට වාර්ෂික උද්ධමනය 55% අගයක් ගනිමින් ලෝකයේ වැඩිම ලෙස උද්ධමනයට ලක් වන රටවල් අතර 6 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඒ අනුව ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතරින් ආසියාවේ ඉහළම අධි උද්ධමනයක් ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

2022 වසරේ ජනාවාරි මාසයේදී ශ්‍රී ලංකවේ උද්ධමනය සියයට 14.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්ෂිකව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 55කින් ඉහළ ගොස් තිබේ.

2022/03/24 දිනට මෙම දත්ත ගණනය කර තිබේ. ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර පෙරමුණ වෙනිසියුලාවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here