ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ දී මෙරට ජනතාවට හඳුන්වාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
LANKAQR සේවාව රට පුරා ජනගත කිරීමේ සමාරම්භක මොහොතට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25දා) මේ බව ප්‍රකාශ කළේය.
මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව යි. මුදල් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු ඩිජිටල් තාක්ෂණික QR කේත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට LANKAQR මඟින් හැකියාව ලැබේ.
“ලෝකයේ සෑම රටක්ම නවීකරණය වේ. එමෙන්ම ගනුදෙනු කිරීම පිළිබඳ නව ක්‍රමවේද අනුගමනය කෙරේ. රටක් වශයෙන් ශ්‍රී ලංකාවද ලෝකය සමඟ ගනුදෙනු කිරීම තුළ නවීකරණය විය යුතු කාලය එළඹ තිබේ.
ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට සූදානම්. ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ දී මෙරට ජනතාවට ලැබෙනවා.
මේ මොනවා කළත් මේ රටේ ජනතාව මෙම තාක්ෂණය භාවිත නොකරන්නේ නම් ඵලදායි නොවේ. එය භාවිත කිරීමට නම් මූලික අදියරේ සිට ආරම්භ කළ යුතුය. ඩිජිටල් මුදල් හෝ ජාතික හැඳුනුම්පත හෝ මේ සියලු දෙයට යාමට පෙර මුදල් භාවිත නොවන ආර්ථිකයකට යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගත යුතුයි.
එදිනෙදා ජන ජීවිතය තුළ නිරන්තර ගනුදෙනු කරන පුද්ගලයන් තාක්ෂණය සමඟ සම්බන්ධ කර ගත හැකි නම් ඉන් ඉදිරියට අනෙකුත් සියලුම ඩිජිටල්කරණය වැඩසටහන් ප්‍රායෝගිකව ගම්මානවල දියුණු කර ගැනීමට හැකිය.
ඊයේ (25) ආරම්භ කළ LANKAQR ඔස්සේ වාහන දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයට ඉතා ඉක්මනින් යාමට අපේක්ෂා කරනවා. ඒ ඔස්සේ ජනතාවට පහසුකම් රැසක් අත් විදිය හැකියි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය