“ලෝකයේ මහ බැංකු රත්‍රන් රැස් කරද්දී අපේ මහ බැංකුව රත්‍රන් සංචිත විකුණනවා”– හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති W.A.විජේවර්ධන

0
399


අද වනවිට ලොව පුරා බොහෝ රටවල මහ බැංකු සිය රත්රන් සංචිත ප්‍රමාණය ඉහළ නංවමින් තිබෙන නමුත්, ශ්‍රී ලංකා මහ බැංකුව තමන් සතු රන් සංචිත අලෙවි කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි හිටුප නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා තිබේ. ඒ අනුව මෙය පරාජිත අවස්ථාවක් ලෙසද ඔහු පෙන්වා දෙයි.


විශේෂයෙන්ම එක්සත් ජනපදය තුළ ඇතිවිය හැකි බවට අපේක්ෂා කෙරෙන උද්ධමනය හේතුවෙන් ඩොලර් වටිනාකම් පහත වැටීමේ ඇති අවදානම නිසා මෙලෙස එම මහ බැංකු රත්රන් මිලදී ගැනීම සිදු කරන බව ඔහු පවසයි.
“පෝලන්තයේ මහ බැංකුව (බෑන්ක් ඔෆ් පෝලන්ඩ්) පසුගිය සතියේදී රත්රන් මෙට්‍රික් ටොන් මිලියන 34ක් මිලදී ගනිමින් තමන්ගේ රන් සංචිත ප්‍රමාණය දෙගුණයක් කරගත්තා. ඒ වගේම 2022 වසරේදී තවත් මෙට්‍රික් ටොන් 100ක් මිලදී ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ඉන්දියානු මහ බැංකුවත් (ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India) පසුගියදා රත්රන් මෙට්‍රික්ටොන් 29ක් මිලදී ගනිමින් තමන්ගේ රන් සංචිතය මෙට්‍රික් ටොන් 705ක් බවට වර්ධනය කරගත්තා. ශ්‍රී ලංකාව 2020 පෙබරවාරි මාසයේදී රන් මෙට්‍රික් ටොන් 13ක් අලෙවි කරමින් තමන්ගේ රන් සංචිතය මෙට්‍රික් ටොන් 6.5ක් දක්වා අඩු කරගෙන තිබෙනවා. පැහැදිලිවම එය පරාජිත අවස්ථාවක්.” යනුවෙන් මෙම ට්විටර් පණීවුඩයේ සඳහන්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here