Thursday, January 16, 2025

ලෝකය වෙනස් වුණේ වෙනසට බය නොවන මිනිස්සු නිසයි

දේශීය සම්පත් විකුණනවා. චීනෙට පෝට්සිටිය වික්කා. ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා. හිල්ටන්, ග‍්‍රෑන්ඩි ඔරියන්ටල් වැලිකඩ, කෙරවලපිටිය විකුණන්න දාලා.හිටිහැටියේ ගෑස් ටැංකි පුපුරනවා. කුස්සියට ගියාම ආර්ථිකයේ තත්ත්වය පේනවා. කඬේට ගියාම වෙලා අත්ත දේ තේරෙනවා. අපිටත් දැන් කියල ඇතිවෙලා. දැන් අවශ්‍ය මේකෙන් ගොඩ එන විදිහක් හොයන එක. ජනතාව අහනවා කවදද ආයේ ඡන්දේ එන්නේ කියලා. මොනවා වුණත් තව අවුරුදු තුනක් ඉන්න වෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ‘ගමෙන් පටන් ගමු’ ජීවිතය ලස්සන කරන විසඳුම් යෝජනා රැගෙන ජනතා විමුක්ති පෙරමුණ ඔබේ ගමට යන මැයෙන් බණ්ඩාරගම රයිගම ලංකා උත්සව ශාලාවේ පැවති උත්සව සභාවක් අමතමිනි.

අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“මේ රට වාසනාවන්ත රටක්. ගොඩගන්න පුළුවන් රටක්. ප‍්‍රධාන මුහුදු මාර්ග හතරක් තියෙනවා. අවුරුද්දකට නැව් 36000 ක් ඒ හරහා යනවා. ලෝක වෙළෙඳාමෙන් සියයට 30 ක් සිදුවෙනවා. ලෝකේ බලවත් වූ සියළුදෙනා අපේ රට අත්පත්කර ගත්තා. චීනය, ඉන්දියාව, ඇමරිකාව දගලන්නෙ ඒකට. දීර්ඝ කාලයක් වැරදි දේශපාලන ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා අපේ රට ආර්ථික වශයෙන් කඩාවැටී තියෙනවා. ළිං කටින් වැටුණ මිනිහා ළිං කටෙන්ම ගොඩඑන්න ඕන. මේ ක‍්‍රමයෙන් හැදෙන්නෙ එක එක්කෙනා. සියළුදෙනාගේ ගොඩඑන ක‍්‍රමයක් ඕනකර තියෙනවා. නව පාලනයක් හදන්න ඕන.

කිසිකෙනෙක් අබමල් රේණුවක සැකයක් තියාගන්න එපා. අපිට ඒක කරන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු වෙනසට බයයි. පුරුද්දට කැමතියි. මේ ලෝකේ වෙනස් වුණේ වෙනසට බය නොවන මිනිස්සු නිසා තමයි. වෙනස තමයි ලෝකේ ඉස්සරහට ගිහින් තියෙන්නේ. වෙනස කරමු. ඒ ගැන ප‍්‍රශ්න කරන්න.

මේ ආර්ථිකය ගොඩගන්න කෙටි කාලයක් හැමෝම එක්වෙලා මහන්සි වෙමු. දුෂණය නතර කළ යුතුයි. දුෂණය කියන්නේ එවෙලේ ගන්න අල්ලසක් නොවෙයි. ඒක දීර්ඝ කාලයකට බලපානවා. මත්තල එයාර් පෝට් එකෙන් විශාල දුෂණයක් වුණා. අවුරුදු අටක් ගියා ශතපහක වැඩක් නෑ. ඒක බරවා කකුලක් වගේ. කපන්නත් බෑ වැඩකුත් නෑ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles