ලෝකය හමුවේ ඇති ප්‍රධාන අභියෝග ජයගැනීමට එක්වන්නැයි අමෙරිකානු ජනපතිගෙන් ඉල්ලීමක්

0
270

කොවිඩ් වසංගතය පරාජය කර ලෝකය හමුවේ ඇති ප්‍රධාන අභියෝග ජයගැනීමට එක්වන්නැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජෝ බයිඩ්න් මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව 6.30 ට නිව්යෝර්ක් හි, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සමුළුව ආරම්භ විය.

සමුළුව අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සාමකාමී හා සමෘද්ධිමත් අනාගතයක් උදෙසා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

කොරෝනා අභියෝග, කාලගුණ විපර්යාස ඇතුළු වර්තමානයේ ලෝකය මුහුණ දෙන බොහෝ අභියෝග පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා සිය කතාවේදී අවධානය යොමු කළේය.

මෙවර මහ සමුළුවේදී ලෝකය මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් පිළිබඳ වැඩි අවධානය යොමු කෙරේ. ඒ කොරෝනා වසංගත තත්ත්වය අවසන් කිරීම සහ පසු කොරෝනා ආර්ථික අභියෝග වලට මුහුණ දීමයි.

ප්‍රශ්න කෙතරම් අභියෝගකාරී සහ සංකීර්ණ වුවත් ඊට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සමුළුව අමතමින් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here