Saturday, September 21, 2024

ලෝක අපනයන සමුළුවට සියල්ල සූදානම්

අන්තර්ජාතික ‍වෙළෙඳාමේ සාර්ථකම දස වසර බිහිකිරීම රජයේ අරමුණ බව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති, අගමැති ප්‍රධාන ලොව ප්‍රමුඛ සමාගම් රැසක හිමිකරුවෝ ඇතුළු දෙස් විදෙස් 600 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ 12 හා 13 දෙදින කොළඹ දී මුළුදෙන “2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව” පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ කියා සිටියේය.

“ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය ඉලක්ක කළ දැවැන්තම සමුළුව මෙහි පැවැත්වීමට නියමිතයි.

අපේ රටේ අපනයන නඟාසිටුවීම සම්බන්ධයෙන් සිත්ගන්නා සුළු අලංකාර කතා කීවද, පසුගිය අවුරුදු 10 රටේ අපනයන කටයුතු අසාර්ථක වූ දශකයක් කියා කියන්නට පුළුවන්. පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අපට විදේශ වෙළෙඳපොළ අහිමිවුණා. රටේ වෙළෙඳ හිඟය සැලකිය යුතු මට්ටමින් ඉහළ ගියා යැයිද ඇමැතිවරයා කීය.

වසර 2000 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 33.3 ක් වූ ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය වසර 2015 වනවිට සියයට 14 ටත් වඩා පහත වැටුණා. අපනයන වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවේ දායකත්වය සියයට 0.009 සිට සියයට 0.06 දක්වා පහත වැටුණා.

උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත, දේශීය හා විදේශීය ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින් එක්වන මේ සමුළුවේදී ශ්‍රී ලංකාවේ අනාගත දියුණුව උදෙසා අපනයන සංවර්ධන අංශයේ දායකත්වය වැඩි වශයෙන් දායක කර ගැනීම ගැන කතිකා කරනු ඇත.

මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ Trad For Successconnect Compete Change වේ. වසර 2020 රුපියල් බිලියන 20ක අපනයන ආදායමක් ළඟා කර ගන්නා ඉලක්කය ජයගන්නට හැකි උපායමාර්ග මෙහිදී කතිකා කරනු ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles