Friday, January 17, 2025

ලෝක උරුම සීගිරියට ගිය කලක්

ලෝක උරුම සීගිරිය වර්තමානයේ වන විට ජනතාවට ළඟාඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බව සිගිරිය ප්‍රදේශ්වාසීහු පවසති.

 සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

 ලෝක උරුම  බිම්කඩක් බවට නම්කළ  ස්මාරකය ද මේ වන විට විනාශවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව නගරයේ අයාලේ යන සුනඛයන් නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැඩි පීඩනයක් පත්ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

 මෙම ස්ථානයට යන ඕනෑම වෙලාවක දෙස් විදෙස් සංචාරකයන් පසුපස හපා කන්නට යන විශාල සුනඛ රැන බරපතළ හානියක් බවද පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා අනුමත නව නගරයේ රථ ගාල සම්පූර්ණයෙන්ම මඩ  වගුරක් බවට පත්ව කුඩා කුඩා ජල තටාක බවට පත්වී ඇතැයි නව නගර වැසියෝ පෙන්වා දෙති.

 මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් තනා දුන් වෙළඳසැල්  සියල්ල ගරාවැටී දැඩි ප්‍රසන්න තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන අතර දේශීය සංචාරකයන් සඳහා ඉදිකර ඇති වැසිකිළි පද්ධතිය දොරවල් කැඩි  අපිරිසිදු භාවයට පත්ව අඩුම තරමේ ජලය රැගෙන යෑමට හෝ භාජනයක් නොමැති තරමට පත්ව තිබේ. එහි  පාලනය කරන පුද්ගලයා නළ ළිඳකින් කැඩීගිය බාල්දි වලට ජලය ගෙනත් දීම සිදු කරන බව ඔහු කියයි.

 මුළු ලෝකයක් විස්මිතව නැරඹීම් සඳහා පැමිණෙන සීගිරිය නවනගරය අයිතිකරුවෙකු නොමැති තත්ත්වයට පත්ව ඇතැයි සීගිරිය විහාරාධිපති පුබ්බිලියේ  ධම්මානන්ද නාහිමියෝ පවසති.

 මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සෑම දෙයකටම  සංචාරකයන් ගෙන් මුදල් අය කර ගැනීම පමණක් සිදුකරන බවත් අනෙකුත් සිදුවිය  යුතු යුතුකම් කිසිවක් ඉටු නොවන බව උන්වහන්සේ පෙන්වා දෙති. මේ වනවිට කාශ්‍යප රජු සිටියේනම් මෙම පාලකයන්ගේ හිස ගසාදමනු ඇතිබව පවසති අග්‍රාමාත්‍යවරයාගෙන් තමා ඉල්ලා සිටින්නේ ලෝක උරුම සීගිරිය විනාශ මුඛයට යන්නට නොදී රැකගන්නා ලෙස බව ද උන්වහන්සේ පවසති

  ප්‍රදේශ්වාසී කියා සිටින්නේ මෙම සිගිරිය නව නගරය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් නොවන බව ඔවුන් පවසන බභවය .දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් බව කියා සිටින බව කියති.ප්‍රාදේශීය සබාවෙන් තමන්ට අයිති නැති බව කියන්නේයයි කියති .

 කෙසේ වෙතත් දිනකට විශාල පිරිසක් සීගිරිය නැරඹීමටට සඳහා මේ දිනවලවල ද පැමිණෙමින් සිටිති. මේ දිනවල  දිනකට විදේශීය සංචාරකයන් පන්සියයකට අධික පිරිසක් පැමිණෙද්දී දේශීය  සංචාරකයන් දහස ඉක්මවා  පැමිණෙන්න බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

 දේශීය එක  සංචාරකයකුගෙන් සීගිරිය  නැරඹීම්ට සඳහා අය කරන මුදල රුපියල් සියයකි . විදේශීය සංචාරක එක් අයකුගෙන් අයකරන මුදල ඇමරිකානු ඩොලර්  30කි.

  සීගිරිය නව නගරයේ පවතින මෙම බරපතළ ප්‍රශ්නය  පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති  කළමනාකරු උපුල් ශාන්ත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ   නව නගරයේ පරිපාලන කටයුතු දැනට දඹුල්ල ප්‍රාදේශීය සභාවට පවරා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානමි කරමින්   සිටින බවය .කෙසේ වෙතත් විදේශීය සංචාරකයන් සියලුදෙනාගේ පහසුකම් අවශ්‍ය පරිදි සපයා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

 දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ .ජී. සෝමතිලක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ මෙතෙක් සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නීත්‍යානුකූලව එම ප්‍රදේශ භාරදී නොමැති බවය

 භාරදීම්ක් සිදු කළ විට එය නඩත්තු කිරීම් කටයුතු සිදු කිරීමට හැකි බව සඳහන් කළේය.

 එමෙන්ම  වීශාල මුදලක් සීගිරිය පෙන්වා මධ්‍යම සංස්කෘතික අරමුදල අයකළ ද ප්‍රාදේශීය සභාවට හෝ ප්‍රදේශයේ සංවර්ධනයකට කිසිදු මුදලක් ලබා නොදෙන බවත් අඩුම තරමේ සීයට රුපියල් තුනක මුදලක් ඉල්ලා වසර ගණනාවක් ගත වුවද මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල හෝ ලබා දීමක් සිදු නොකරන බව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ .ජී .සෝමතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

කාංචන කුමාර ආරියදාස

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles