Monday, September 23, 2024

ලෝක කුසලානය පාවාදීමේ පරීක්ෂණ ගැන මහින්දානන්ද කනස්සල්ලෙන්

පසුගිය 2011 වසරේ පැවති ලෝක කුසලානයේ අවසන් මහ තරගයේදී තරග පාවාදීම ගැන සිදුකළ ප්‍රකාශය පිලිබඳ පරීක්ෂණය ගැන තමන් සෑහිමට පත් නොවන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදීමක් සිදුවූ බවට සිදුකළ ප්‍රකාශය ගැන නිසි සාක්ෂි නොමැති බව පවසමින් එම පරීක්ෂණ අවසන් කිරීමට නීතිපතිවරයා පසුගියදා තීරණය කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙසේද කියා සිටියේය.

“2011 අවසන් ලෝක කුසලාන තරගයේ පාවා දීමක් සිදුවූ බවට මම ප්‍රකාශයක් සිදුකළා. නමුත් ඒ ගැන සිදුවූ පරීක්ෂණ ගැන මම සෑහීමට පත්වන්නේ නැහැ. මොකද මම කිව්වේ නැහැ තරග පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධයි කියලා. මම කිව්වේ නැහැ සංගක්කාර, මහේල, අරවින්ද මහත්වරුන්ව ගෙනල්ලා ප්‍රශ්න කරන්න කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ඩි.එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග සහ කණ්ඩායමේ කළමනාකරු සුරාජ් දන්දෙණිය ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකළේ නැහැ.මොකද මේ ගැන අහන්න ඕන අය ඒ අයයි. එහෙම නැතුව ක්‍රීඩකයින් ගෙන් ප්‍රශ්න කරන්න කියලා මම කොතනකවත් කිව්වේ නැහැ.”

ලෝක කුසලාන පාවාදීම ගැන කිසිදු සාක්ෂියක් නෑ – ඩලස්

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී තරග පාවාදීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් මේ දක්වා වාර්තා වී නොමැති බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

“මම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසුවෙමි. මෙම චෝදනාවට සහාය දැක්වීමක් පිළිබඳ ඔවුන් සතුව කිසිදු සාක්ෂියක් නොමැති බව එහිදී අනාවරණය වූ බව අමාත්‍යවරයා සඳහන් ‍කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles