ලෝක ගුරු දිනයේදී රට පුරා කළු කොඩි

0
376

ලෝක ගුරු දිනය යෙදෙන මේ මස 06 වැනිදා රට පුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවයක් දක්වන බව ලංකා විදුහල්පති සංගමය නිවේදනය කරනවා.

දිවයින පුරා ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 11,200ක් පමණ සිටින අතර ඔවුන් එම විරෝධතාවයට එක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව විසඳන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here