Monday, January 20, 2025

ලෝක පාපන්දු සම්මේලනයෙන් රුසියාවට තහනමක් !

රුසියානු පාපන්දු සම්මේලනය හා රුසියානු ජාතික පාපන්දු කණ්ඩායමට තහනමක් පැනවීමට ලෝක පාපන්දු සම්මේලනය සහ යුරෝපා පාපන්දු සම්මේලනය විසින් පියවර ගෙන තිබෙනවා.

ලෝක පාපන්දු සම්මේලනය හෙවත් ෆිෆා ආයතනය විසින් මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගවට වලදී සිය ධජය සහ ජාතික ගීය යටතේ ක්‍රීඩා නොකරන ලෙසත්, රුසියානු රාජ්‍යය වෙනුවට රුසියානු පාපන්දු සංගමය ලෙස නාමික ඒකකයක් යටතේ තරගවලට ඉදිරිපත් වන ලෙසත් රුසියානු ජාතික පාපන්දු කණ්ඩායමට නියමයක් නිකුත් කර ඇත.

තවද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන්ට සියලු ජාත්‍යන්තර තරඟ තහනම් කරන ලෙස නිර්දේශ කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව රුසියානු පිරිමි පාපන්දු කණ්ඩායම ලබන මාසයේ සහභාගීවීමට සිටි ලෝක කුසලාන Play – Off තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වී යනවා.
එමෙන්ම රුසියානු කාන්තා පාපන්දු කණ්ඩායමට මෙවර ගිම්හාන යුරෝපීය ශූරතාවලිය තහනම් වන බවට ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තිරතුරු වාර්තාකර තිබුණා.

තවද රුසියාව තුළ ජාත්‍යන්තර පාපන්දු තරග නොපැවැත්වීමටත්, පාපන්දු තරගවලදී රුසියානු ජාතික කොඩිය සහ ජාතීක ගීය භාවිත නොකිරීමට ත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රුසියාව තරග කරන ඉදිරි තරග සියල්ල වෙනත් රටක පැවැත්වීමට ද තීරණය කර ඇත.

මේ හේතුවෙන් රුසියාවට 2022 ලෝක කුසලානය මෙන්ම 2022 යූරෝ කාන්තා තරගාවලිය ද අහිමිවීමේ ඉඩකඩක් මතුව ඇත​.

රුසියානු ජාතික කණ්ඩායමට මෙන්ම ක්‍රීඩා සමාජවලට ද ලෝක පාපන් දු සම්මේලනය යටතේ හා යුරෝපා පාපන්දු සම්මේලනය යටතේ පැවැත්වෙන තරගාවලි අහිමිවීමක් මේ අනුව සිදුවේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තීරණයට එළඹ ඇත්තේ එංගලන්තය, වේල්සය, පෝලන්තය, චෙක් ජනරජය සහ ස්වීඩනය, රුසියාව සමග පාපන්දු තරඟවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට ඇති පසුබිමක් තුළය. පෝලන්ත පාපන්දු සම්මේලනය පවසා තිබුණේ රුසියානු කණ්ඩායමට කවර නාමයක් යටතේ හෝ තරගයට ඉදිරිපත් වීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

රුසියානු පාපන්දු කණ්ඩායම මාර්තු 24 වනදා පෝලන්තය සමග ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකට මුහුණදීමට නියමිත ය​. ඒ වනවිට ද ඔවුන් ගේ සාමාජිකත්වය අහෝසි කර තිබුණහොත් රුසියාවට ලෝක කුසලාන තරගාවලිය අහිමි වනු ඇත​.

යුක්රේන ආක්‍රමණය පදනම් කරගනිමින් රුසියාව සහ බෙලරුසියාව සියලු ජාත්‍යන්තර රග්බි තරගවලට සහභාගීවීම වළක්වාලමින් ලෝක රග්බි සම්මේලනය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මීට පෙර ජගත් පාපන්දු සම්මේලනය සහ යුරෝපා පාපන්දු සම්මේලනය විසින්ද රුසියානු පාපන්දු සමාජ තහනම් කිරීමට පියවර ගනු ලැබුවා.

එමෙන්ම ජගත් රග්බි සම්මේලනයේ රුසියානු සාමාජිකත්වය අත්හිටුවීමටද ඔවුන් පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ජාත්‍යන්තර චෙස් ෆෙඩරේෂනය (FIDE) රුසියාවට එරෙහි දැඩි කොන්දේසි පනවා තිබේ. ඒ අනුව යළි දැනුම් දෙන තුරු, කිසිදු ජාත්‍යන්තර චෙස් තරගාවලියක් රුසියාවේ හෝ බෙලරුස්වල පවත්වන්නේ නැත.

එමෙන්ම ජාත්‍යන්තර චෙස් තරගාවලි වලදී රුසියානු හෝ බෙලරුස් ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීම තහනම් කොට ඇති අතර, කිසිදු චෙස් තරගාවලියක් සඳහා රුසියානු හෝ බෙලරුස් අනුග්‍රාහකයන් බාර නොගැනේ.

රුසියානු ආක්‍රමණයට සහය පළකරමින් ප්‍රකාශ නිකුත් කළ GM Sergei Karjakin සහ GM Sergei Shipov යන ග්‍රෑන්ඩ්මාස්ටර් දෙපළගේ ප්‍රකාශයන් ජාත්‍යන්තර චෙස් ෆෙඩරේෂනය හෙළා දැක ඇති අතර ඔවුන්ගේ පදවිනාම (Titles) පිලිබඳ තීරණයක් ගැනීම සඳහා සදාචාර කමිටුවට නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.

ලෝක ඉතිහාසයට ම චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර් පදවිනාමය අහෝසි කළ අවස්ථා ඇත්තේ අතළොස්සකි. ඒ 2015න් පසුවය. ඒ අතරින්, සදාචාරමය හෝ භූ-දේශපාලනික හේතු මත පදවිනාමය අහෝසි කළ හැකිදැයි සලකා බැලීමක් හෝ සිදුකරන පළමු අවස්ථාව මෙයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles