ලෝක පොලිසියේ චීන ලොක්කා ගැන තායිවානයට සැක.

0
612

අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්හි විධායක කමිටුවට චීන ජාතික නිලධාරියෙකු පත්වීම සම්බන්ධයෙන් තායිවානය සිය කණස්සල්ල පළකර තිබේ.

පසුගියදා පැවති නිලවරණයේදී චීනයේ බින් චෙන් හූ සහ ඉන්දියාවේ ප්‍රවීන් සිංහා යන නිලධාරීහු ඉන්ටර්පෝල්හි විධායක කමිටුව සදහා තේරීපත්වූහ.

කෙසේවෙතත් ,චීන නිලධාරියාගේ පත්වීම සම්බන්ධයෙන් තායිවානය මෙන්ම තවත් මානව හිමිකම් සංවිධාන රැසක් සිය කණස්සල්ල පළකර තිබේ.

ඔවුන් සදහන් කරන්නේ, චීන නියෝජිතයාට ඉන්ටර්පෝල් ආයතනය තුළ හිමිවන බලය උපයෝගී කරගෙන ඔහු විසින් විදේශ රටවල වෙසෙන උයිගුර් ,ටිබෙට්,තායිවාන,⁣හොංකොං වැනි චීන සුළු ජනවර්ගවල සාමාජිකයන්ට එරෙහිව මර්දනය දියත් කිරීමේ අනතුරක් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here