Sunday, September 22, 2024

ලෝක බල තුලනයට ලංකාව වැදගත්

ශ්‍රීලංකාවේ යහපත් කාල වකවානුවලදී මෙන්ම දුෂ්කර අවස්ථාවලදී ද චීන දේශය ශ්‍රීලංකාව සමග  නොසැලී සිටි කළ්‍යාණ මිත්‍රයෙක් බවත්,  වර්තමානයේදී ලොව ආර්ථික බලයෙන් අද්විතීය ස්ථානයකට පැමිණ සිටින චීන දේශයෙන් ලබා ගත හැකි පුර්වාදර්ශ විශාල ප්‍රමාණයක් ඇති බවත්,  කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරුන් සමග ගොස් චීන පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටු සභාපති (කථානායක) ඩීජියෑන් ෂෙන් මහතා ඇතුළු දේශපාලන ප්‍රදානීහු හමුවූ අවස්ථාවේදීය.

චීන රජය මගින් පූර්ණ අනුග්‍රහය දැක්වූ මෙම විශේෂ සංචාරය සදහා විපක්ෂ නායක ආර් සම්බන්දන්,  එජාප නායකත්වය නියෝජනය කරමින් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රත්සංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනියෝජනය කරමින් තාක්ෂණ සහ පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද,  යන මහත්වරු ද එක්ව සිටියහ.

චීන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හෙවත් උත්කෘෂ්ඨ මන්දිරයේදී (Great Hall) හිදී පැවැත්වූ මෙම විශේෂ සාකච්ඡාවේ දී මහජන චීන පාර්ලිමේන්තුවේ සභාපති ( කථානායක)  ඩිජියැන් ෂෙන්ග් මහතා පැවසුයේ චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඓතිහාසික මිතුදමක් බවත් චීන ජාතිකයන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ සුන්දර මුතු ඇටය ලෙස සලකන බවත් ය.  ශ්‍රී ලංකාව ද චීනය මුහුණ දුන් ස්වභාවික ව්‍යසනයන් වැනි දුෂ්කර අවස්ථාවලදී උපරිමයෙන් තම රටට සහයෝගය ලබා දී ඇති බව පැවසූ ඩිජියැන්ග් මහතා ඉදිරියේදී ද ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සදහා සහාය දෙන බව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles