Saturday, September 21, 2024

ලෝක බැංකුවෙන් යුක්රේනයට ඩොලර් බිලියන 3 ක ආධාර ලබා දෙයි

ලෝක බැංකුව විසින් ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක් හදිසි ආධාර පැකේජයක් ලෙස යුක්රේනයට ලබා දීමට තීරණය කර තිබේ.

ලෝක බැංකුව මේ බව නිවේදනය කළේ එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල සමඟ එක් වී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.

ඉන් ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් හදිසි ආධාර පැකේජයක් ලෙස මේ වනවිටත් යුක්රේන රජයට ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.

ලෝක බැංකුව මේ බව නිවේදනය කළේ, එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල සමඟ එක් වී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.

රුසියන් යුක්රේන අර්බුදය හමුවේ යුක්රේන රජයට සහ වැසියන්ට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බව ද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර, රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාමකතා පවත්වනවා නම්, යුක්රේනයේ නගරවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම වහා නවත්වන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රුසියාවට පවසා තිබෙනවා.

රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පළමු වටය පසුගිය 28 වැනිදා පැවති අතර සාකච්ඡා පැවැත්වීම සිදුවන්නේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය.

යුන්රේන ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ යුක්රේන බෙලරූස් දේශසීමාවේ රුසියන් රජයේ සහ යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ දෙවැනි වටයේ සාම සාකච්ඡා පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.

යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 50ක යුදාධාර යැවීමට ඔිස්ට්‍රේලියාව ද කටයුතු කළේය.

මෙි වන විට ලෝක ප්‍රජාව අඛණ්ඩව රුසියාව ඉලක්කකරමින් සම්බාධක පනවමින් සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles