වගකීම් පැහැර හැරියොත් රටම විනාශයි

0
323

කොවිඩ් අර්බුදය හමුවේ මෙරට සෑම පුරවැසියෙක් සහ ආයතනයක්ම වගකීමෙන් කටයුතු නොකළොහොත් රට දැවැන්ත විනාශයකට ගමන් කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

නිරෝධායන ඇදිරිනීතිය යලි දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්වය අධ්‍යයනය කිරීමෙන් පසුව බවත් මහජනතාවගේ සංචරණයන් සීමා කිරීම සදහා අදාල ආයතන සිය යුතුකම් නිවැරදිව ඉටු කළ යුතු බවත් හේමන්ත හේරත් මහතා මෙහිදී අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here