Sunday, September 22, 2024

වගකීමෙන් කටයුතු කළ ජනතාවට “ස්තුතියි’’

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කාල සීමාවේදී වගකීමෙන් කටයුතු කළ ජනතාවට තමා ස්තූතිවන්ත වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ජනතාව සංචරණ සීමා කරගනිමින් කටයුතු කිරීම නිසා කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකිවූ බවද හෙතෙම සඳහන් කළේය.

රට විවෘත කර ඇතත් රාජකාරි හෝ අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට නිවෙස්වලින් බැහැර නො යන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු හඳුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ඉදිරියට ගෙන යනවාද නොඑසේ නම් ලිහීල් කරනවාද යන්න සම්බන්ධයෙන් තව සති දෙකකින් පමණ සමාලෝචනයක් කරන බවද ඔහු පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles