Sunday, September 22, 2024

වගවීමේ යාන්ත්‍රණයට විදේශ දායකත්වයක් ඕනෑ – බ්‍රිතාන්‍ය පවසයි

මෙරට යුද්ධයේදී සිදුවූදෑ පිළිබදව සොයා බලන වගවීම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් සියලූ ජන කොටස්වල විශ්වාසය තහවුරු කිරීම සදහා ඊට විදේශීය දායකත්වයක් අත්‍යාවශ්‍ය වන බව බ්‍රිතාන්‍යය පවසනවා.

බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය කටයුතු පිළිබද අමාත්‍ය හියුගෝ ස්වෙයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය  සතියේ එරට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිලිබද විවාදයකදී කරුණු දක්වමින්.

ඔහු මේ බව කියා සිටියේ මෙරට පරීක්ෂණ යාන්ත්‍රණය සදහා විදේශීය විනිසුරුවන් යොදා නොගන්නා බවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විමසා සිටි අවස්ථාවේදීයි.

දේශීය වශයෙන් මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද වගවීම් යාන්ත්‍රණය විශ්වසනීයත්වයකින් යුතුව පවත්වාගෙන යාමට නම් ඊට ජාත්‍යන්තර දායකත්වයක් ලැබිය යුතු බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය හියුගෝ ස්වෙයා අවධාරණය කළා.

ඒ බව බ්‍රිතාන්‍යය, ලක් රජය වෙත දැනුම්දී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා හරහා ද ඒ පිළිබදව පණිවුඩයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාව මානව හිමිකම් මණ්ඩල යෝජනාවේ සම සත්කාරකත්වය දැරීම පැසසිය යුතු කරුණක්.

එමෙන්ම, එම යෝජනාව මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සදහා සිය රජයේ සහාය යළි අවධාරණය කරන බවත්, බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles