Thursday, January 16, 2025

වගා නොකරන ඉඩම් අපි ගන්නවා

වගා නොකරන සියලු පුද්ගලික ඉඩම් වගා කරන පිරිස් සඳහා ලබාදීමට පවතින නීති රීති  යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නියඟයෙන් විනාශ වූ ගොවිබිම් නැවත යථා තත්ත්වයට පත් කරමින් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබන මාසයේ දී ආරම්භ කිරීමට නියමිත වගා සංග්‍රාමය යටතේ එම තීරණයට එළඹෙන  ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
දිඹුලාගල නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවති උත්සවයක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වගා වැඩසටහන සඳහා සියලු රජයේ ඉඩම් ද එක් කරගන්නා බවයි.
රටේ ජනතාව දුගී භාවයෙන් නිදහස් කරගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කර සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම අරමුණු කරගනිමින් මෙවැනි තීන්දුවලට එළඹෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
දිඹුලාගල ආරන්‍ය සේනාසනාධිපති පුජ්‍ය විල්ලානේ සිරියාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද මැති ඇමතිවරුන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles