වගා නොකළ ඉඩම් වගා කීරීමට කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

0
350

අප රටේ දැනට වගා නොකළ සියලු ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී  ජනාධිපතිතුමන් විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම වසරේ මැද වනවිට ආහාර හිඟ තත්ත්වයක් මතු විය හැකි යැයි විවිධ පාර්ශ්ව අනතුරු අඟවනවා. අද ගොවිබිම්වලට යන අය ගොවීන් වගේම තරුණ කොටස් යම් අධෛර්මත්වීමක් තිබෙනවා. අපේ රටේ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා රජය මැදිහත්ව ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඒ ගැන විශේෂ උනන්දුවක් දැක්වුවා. එතුමා මුදල් අමාත්‍යතුමාටත් ඒ ගැන දැනුම් දුන්නා. ඒ අනුව අදාල සියලු පාර්ශ්ව කැඳවා මුදල් අමාත්‍යතුමා මේ සම්බන්ධව සාකච්ඡා කළා. මුදල් අමාත්‍යතුමා පරිසර අමාත්‍යාංශය විදියට අපිටත් මේ සඳහා දායකවීමට යම් වගකීමක් පැවරුවා.

ඒ අනුව ආගමික ස්ථාන, පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, රෝහල් හා පාසැල් ඇතුළු රාජ්‍ය අංශයේ ඉඩම්වල විශාල වශයෙන් වගා නොකළ ඉඩම් තිබෙනවා. එම ඉඩම් සියල්ලම ගෙවතු වගාවන් ආරම්භ කිරීමට සුදුසු වැඩ පිළිවෙළක් අරඹන ලෙස අපිට උපදෙස් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here