Sunday, September 22, 2024

වන්දි අර්බුදයෙන් සාලාව යළි ගිනි ගනීද..?

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඉකුත් දා ඇති වූ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ලබාදීම ප‍්‍රමාද හා අක‍්‍රමික බවට තවදුරටත් චෝදනා පවතිනවා. ඒ පිළිබඳ කළ විමසීමකදී ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ කිසියම් ප‍්‍රමාදයක් සිදුව ඇත්නම් ඊට වගකිව යුත්තේ කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය බවයි.

දිස්ත්‍රික් ලේකම් ඉල්ලපු මුදල් කැබිනට් අනුමැතිය ලබාගෙන දිස්ත්‍රික් ලේකම්ට දීල තියෙන්නෙ. ඇමතිවරයෙක් විදියට මට මුදල් බෙදන්න බැහැ. එය සිදු වෙන්නෙ නිලධාරීන් මගිනුයි.

මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු පැවසූවේ සාලාවේ වන්දිවලට අදාල මුදල් ලැබී නැති බවය. තක්සේරු අවසන්කොට ඒවා අමාත්‍යංශයට බාර දෙන්නේ ලබන සඳුදා බවද පැවසූ කන්නංගර මහතා වැඩිදුරටත් පවසුවේ මුදල් ලැබී ඇත්තේ 401 දෙනෙක් සඳහා රුපියල් 50000 දීමනාව දීමට පමණක් බවය.

වන්දි ලබාදීම ප‍්‍රමාද හා අක‍්‍රමික බව පවසමින් කොස්ගම සාලාව යුද හමුදා කඳවුර අවට වැසියන් ඊයේ (08) දිනයේ ද උද්ඝෝෂණයක නිරත වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles