වනාතවිල්ලුව OIC රිමාන්ඩ්

0
316

ලිංගික අල්ලසක් හා මුදල් අල්ලසක් ලබා ගැනීමට තැත් කිරිමේ චෝදනාව මත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබු වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිව නොවැම්බර් මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම අංක 2 අධිකරණයේ විනිසුරු හා මහේස්ත්‍රාත් අසේල සිල්වා මහතා ( 29 දා ) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පී.එන්.යු.පතිරත්න නමැති අයයි.

වනාතවිල්ලුව පොලිස් වසමේ පදිංචි කාන්තාවක සිය ස්වාමි පුරුෂයා සමග පැවැති පවුල් ආරාවුලක් නිසා ඇති කර ගෙන තිබු ගැටුම විසදීමේ දි හා සැමියා විසින් කර තිබු ඇති පැමිණිල්ලක් මත පොලිස් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි කාන්තාව පසුව ඇප මතමුදා හරින ලදී.

ඇයට විරුද්ධව නගා ඇති චෝදනා වන් සම්බන්ධයෙන් ඇයට වාසි වන ලෙසින් කටයුතු කිරිම පිණිස මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් හා ලිංගික අල්ලසක් ලබා ගැනීම පිණිස එම කාන්තාව පුත්තලම තානායම වෙත කැදවා ගෙන පැමිණ එම සිද්ධිය සම්බන්ධයෙන් කලින් කරණ ලද පැමිණිල්ලක් මත අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මේ මස 28 වන දින පස්වරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ගේ සේවය අත් හිටුවීමේ නියෝග මෙතෙක් පොලිස් මාධ්‍යය ප්‍රකාශ කාර්යාලය වෙත ලැබි නැතිව එම කාර්යාලයේ නිලධාරියෙකු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here