වනිදුට හා දුෂ්මන්තට IPL යන්න අවසර

0
276

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී ඇත.

වනිදු හසරංග මෙවර IPL තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් සිය කණ්ඩායම සමග එක් වූ බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම නිවේදනය කර සිටි​යේ පසුගිය 21 වනදායි.

අයි.පී.එල් තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුල තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here