වන විනාශය වැළැක්වීමට ලෝක නායකයින් ග්ලාස්ගෝහීදී ප්‍රතිඥාවක් දෙයි

0
319

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන කාලගුණ වෙනස පිළිබද ගෝලීය සමුළුවේදී වසර 2030 වන විට වන විනාශය නැවැත්වීමට ලෝක නායකයන් ප්‍රතිඥාවක් ලබාදුන්නා. ඒ සඳහා දැවැන්ත විනාශයකට ලක්වී ඇති ලොව විශාලතම සදාහරිත වනාන්තරය වන ඇමේසන් වනයේ වැඩි කොටසක් හිමි බ්‍රසීලය ද ඇතුළත්වීම විශේෂත්වයක් වෙි.

මිහිතලය උණුසුම් කරන කාබන් – ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා තුරු ලතා විනාශය කාලගුණ වෙනසට ප්‍රධාන හේතුවක් ලෙසයි සැලකෙන්නේ. එම විනාශ වූ වන පෙදෙස් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශාල වශයෙන් මූල්‍යාධාර සැපයීමට ද ලෝක නායකයන් එකග වුණා.

ඒ අනුව රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නායකයන් මෙලෙස වසර 2030 වන විට වන විනාශය නතර කිරීමේ එකඟතාවට අද අත්සන් තැබීමට නියමිතයි. ලෝකයේ වන පෙත්වලින් සියයට 85ක් පවතින්නේ මෙම රටවලයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here